ශ්‍රී ලංකාව තුල පලමු කොරෝනා මරණය වාර්තා වෙයි

අංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අද සවස මිය ගොස් තිබෙනවා.

මාරවිල ප්‍රදේශ‍යේ පදිංචිව සිටි මොහු  අධික දියවැඩියාව, රුධිර පීඩනයෙන් සහ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයකටද ලක්ව සිටි අයෙක් බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට දිවයින තුල කොරෝනා ආසාදිතයින් 113ක් වා‍ර්තා වූ අතර ඉන් 9 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටවී ඇති අතර එක් අයෙකු මෙලෙස මියගොස් ඇත.

රෝගී සංඛ්‍යා පිලිබඳ විස්තර සඳහා : මෙතනින් පිවිසෙන්න

Share to friends
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *